Thursday, May 16, 2024

General line - 0115112241

අරගල ක්‍රියාකාරිකයෙකු මහරගමදී CID අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ




නිදහස් උත්සවයට සමගාමීව මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් සමාජ මාධ්‍යයේ අදහස් පළ කළ අරගල ක්‍රියාකාරිකයකු මහරගම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශණවලදීයි.

සැකකරු විසින්  ”ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක් ද ? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය  කෙළීමට  සූදානම්ව පැමිණෙන්න” යැයි ඔහුගේ මුහුණුපොතේ අදහස් පළ කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.  අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොටුව ජනාධිපති මන්දිරයට සහ රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකකරුට එරෙහිව මීට පෙරද පොලිසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.