Saturday, April 20, 2024

General line - 0115112241

තවත් මාස දෙකකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකිවනු ඇතැයි ජනපති කියයි




රටේ ආර්ථික නිදහස නොමැති නම් දේශපාලන නිදහසින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරි මාස දෙකක කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට හැකවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමින්.

75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබුණා. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.