Wednesday, April 24, 2024

General line - 0115112241

ASP තනතුරට උසස් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි 




ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සම්බන්ධයෙන් පවරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ කැඳවනු ලැබුවා.

වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරිවරුන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බව ජේෂ්ඨ රජයේ අධිනීතීඥවරයා විසින් එහිදී අධිකරණයට දැනුම් දී ඇත්තේ. එම නිලධාරීන් හට 2023 මාර්තු 30 දිනට නොතීසි යවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. 

කෙසේවෙතත් 1 සිට 15 දක්වා ද 17 වන වගඋත්තරකරුවන් වෙනුවෙන් ද නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිට තිබෙනවා. 

ඊට අමතරව නව ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවා නොමැති බවද එම පත් වන පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ද දැනුම් දුන් බවයි වාර්තා වන්නේ. මෙම නඩුව මාර්තු 30 දිනට කැඳවීමට දින නියම කෙරුණා.