Friday, April 26, 2024

General line - 0115112241

ඉහළ යන ගෑස් මිල ගැනත් අනාවරණයක්




කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ආරංචිමාර්ග පවසනවා. එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ එළඹෙන පස්වන ඉරිදා උදෑසන සිට හෝ එදින මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය සිදුවන බවයි. 

ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතයි. එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙලෙස රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් පමණක් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 මෙලෙස ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමයි.