Friday, April 26, 2024

General line - 0115112241

පෙබරවාරි 24 යුක්‍රේනයේ ඉරණම විසඳීමට රුසියාව සැරසෙයි




රුසියාව ප්‍රධාන ප්‍රහාරයකට සූදානම් වන බවට යුක්‍රේනය අනතුරු අගවනවා. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ පෙබරවාරි 24වනදා වැනි ඉක්මන් දිනකදී මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල කරනු ඇති බවයි. 

ඒ සඳහා රුසියානු හමුදා දහස් ගණනක් දැනටමත් සූදානමින් සිටින බවත් ඉකුත් වසරේ යුක්‍රේන ආක්‍රමණයේ සංවත්සරය සැමරීමට මෙම ප්‍රහාරය එල්ල කරනු ඇති බවටත් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඇස්තමේන්තුවට අනුව ප්‍රහාරයට සූදානම් කර ඇති හමුදා භට සංඛ්‍යාව ලක්ෂ 5ක්. යුක්‍රේනය ප්‍රකාශ කරන පරිදි රුසියාව මෙම දැවැන්ත ප්‍රහාරයට සූදානම් වන්නේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්‍රේනයට නවීන ආයුධ පවා ලබා දී ඇති පසුබිමකයි. 

කෙසේ වෙතත් රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය, වසරකට ආසන්න කාලයක් ගත වුවද මේ දක්වා අවසන් වී නැහැ. ඊයේ දිනයේද රුසියානු මිසයිල යුක්‍රේන භූමියට පතිත වී තිබුණා. ඒ හේතුවෙන් පුද්ගලයින් 3නෙකුට දිවි අහිමි වී තිබූ අතර ගොඩනැගිල්ලක්ද විනාශ වී තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.