Saturday, April 20, 2024

General line - 0115112241

මුදලට යට නොවුණු මනුසත්කම




මුදල් සම්බන්ධයෙන් ජනතාව මේවනවිට පසුවන්නේ දුෂ්කර තත්ත්වයකයි. එවන් පසුබිමක් තුළ වුවද, මහ මග වැටී තිබූ රුපියල් ලක්ෂ 05 කට අධික මුදලක් පොලීසියට භාරදුන් පුද්ගලයෙකු පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

මෙම සිද්ධිය ඊයේ වාර්තා වුණේ පිටකොටුව ප්‍රදේශයෙන්. 

අවන්හලක් අසල වැටී තිබූ මෙම මුදල් සහිත බෑගය සොයා ගත් පුද්ගලයා එහි මුදල් ඇති බව දැක ඒ පිළිබඳ 119 ක්ෂණික ඇමතුම් අංකය හරහා පොලීසිය දැනුවත් කර තිබෙනවා.

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ කොටුව පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම මුදල් බෑගයේ හිමිකරු මෙතෙක් ඉදිරිපත්ව නොමැති බවයි. අනන්‍යතාව තහවුරු කර ගත් පසු සැබෑ හිමිකරු වෙත එම මුදල ලබාදෙන බව කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැවසුවා. මෙම කටයුත්ත සඳහා වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත ද  මැදිහත්වී තිබෙනවා.