Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිගේ අමෙරිකානු සංචාරයක් ගැන ඉඟියක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයක් සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ එරට විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරයක් පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක Arindam Bagchi ගෙන් විමසීමක් කර තිබුණා.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ එවැනි මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මේ මොහොතේ අදහස් දැක්වීමක් කළ නොහැකි බවයි.

ඉන්දියාව සුදුසු අවස්ථාවේදී එවැනි ඉහළ පෙළේ විදෙස් සංචාරයක් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද ඔහු සදහන් කළා.

කෙසේවෙතත් මෙම අවස්ථාවේදී එවැනි සංචාරයක් පිළිබඳ හෝ ඒ සම්බන්ධයෙන් වන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මේවනවිටත් ඉන්දියාවේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ අමෙරිකානු සංචාර සිදුවෙමින් ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.