Tuesday, April 23, 2024

General line - 0115112241

නිදහස් උළෙලට සහභාගී වීම සඳහා විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් දිවයිනට




හෙටට යෙදී තිබෙන 75 වන නිදහස් දින ජාතික උත්සවයට සහභාගීවීම සදහා විදේශ අමාත්‍යවරුන්, තානාපතිවරුන් සහ විදෙස් රටවල දූත කණ්ඩායම් මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ මෙරටට ලඟාවෙමින් සිටින බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරියා පවසනවා.

ඒ අනුව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල් මොබන්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටකේ සුන්සුකේ සහ භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බින් රායි සිය දූත පිරිස් සමග අද කටුනායක ගුවන් තොටුපළට ලගා වූ බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතරව ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් නියෝජනය රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් මේවනවිට දිවයිනට ලගා වී ඇතැයි ද ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.