Thursday, April 25, 2024

General line - 0115112241

බස් 03 ක් තරම් විශාල චීන බැලුමක් අමෙරිකාව උඩට




චීනයේ ඔත්තු බැලීමේ ක්‍රියාවලිය හේතුවෙන් යළිත් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ, චීනයේ බවට සැකකෙරෙන නිරීක්ෂක බැලූනයක් අමෙරිකාවට ඉහළ අහසේ දින කිහිපයක් තිස්සේ නිරීක්ෂණය වීම සමගයි. එය සංවේදී රහස්‍ය තොරතුරු සොරා ගැනීම සඳහා චීනය විසින් එවා ඇති බවටයි අමෙරිකානු බලධාරීන් චෝදනා කරන්නේ. 

අදාළ බැලූනය සාමාන්‍ය බස්රථ 03 ක ප්‍රමාණයට සමාන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. බැලූනය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වෙත දැනුම්දීම හමුවේ ඔහු අණ කර ඇත්තේ එය වෙඩි තබා විනාශ කර දමන ලෙසයි. එහෙත් පෙන්ටගනය ඊට විරුද්ධ වී ඇති බව සඳහන්. 

ආරක්ෂක දෙපාර්තමේන්තු බලධාරීන් සඳහන් කර ඇත්තේ එවැනි ක්‍රියාවක් හමුවේ බැලූනයේ කැබලි කඩාවැටුන හොත් එය අනතුරුදායක විය හැකි බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.