Wednesday, April 24, 2024

General line - 0115112241

මෙරට තේ අපනයනය පහළට




මෙරට තේ අපනයනය පහළ ගොස් තිබෙනවා. පොහොර ප්‍රමාණවත් මට්ටමින් නොපැවතීමේ පසුබලපෑමෙහි ප්‍රතිපලයක් ලෙස මෙලෙස තේ අපනයන පරිමාව පහළ යාමට හේතුවයි. මේ හේතුවෙන් තේ අපනයන ආදායම ද පහළ ගොස් තිබෙනවා. 

2021 වර්ෂයේ තේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1324 යි දශම 4 ක්. එහෙත් එය 2022 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,258 යි දශම 8 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය සියයට 5 ක අඩුවීමක්. 2021 දෙසැම්බර් මාසයේදී ඉපැයූ අමෙරිකානු ඩොලර් මිලියන 110 යි දශම 6 ක තේ අපනයන ආදායම 20211 දෙසැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 107 යි දශම 3 ක් දක්වා අඩුවී තිබෙනවා. 

මීට අමතරව රබර්, පොල්, කුළුබඩු, එළවළු, සකස් නොකළ දුම්කොල හා මුහුදු ආහාර අපනයන ආදායම පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

ඒ අතරින් කුළුබඩු අපනයන ආදායම සියයට 18 යි දශම 9 කින් අඩුවී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. කුළුබඩු යටතට ගැනෙන ගම්මිරිස් අපනයනය පහළ යාම හේතුවෙන් සෙසු කෘෂිකාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම වසරකට පෙර පැවැති අගයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.