Thursday, April 25, 2024

General line - 0115112241

චීන බැලුනයට අමෙරිකාව වෙඩි තබා බිම හෙලයි




අත්ලාන්තික් සාගරයට ඉහළින් චීන ඔත්තු බැලූන යැයි සැක කෙරෙන බැලූනය ඇමෙරිකානු හමුදාව විසින් වෙඩි බිම හෙලනු ලැබූ බව එරට ආරක්ෂක අංශ බලධාරින් නිවේදනය කර සිටිනවා.

චීනය විසින් ගුවන් ගත කරනු ලැබූ බැලූනය මෙම සතිය මුලදී අමෙරිකාවේ, මොන්ටානාහි අහසේ ප්‍රථම වරට දක්නට ලැබුණා.

සුළං තත්ත්වය අනුව එම බැලුනය අමෙරිකාව මැදින් ඉහළ අහසේ පාවෙමින් එරට නැගෙනහිර වෙරළ තීරයට අද සවස වන විට ලඟා වූ බවයි එරට බලධාරින් සඳහන් කළේ.

මෙම චීන බැලූනයට වෙඩි තබා බිම හෙළීමට  පෙර අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ගුවන් තොටුපොළවල් කිහිපයක ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබූවා.

මෙම චීන බැලුනය සාමාන්‍ය බස්රථ 03 ක ප්‍රමාණයට සමාන විශාලත්වයෙන් යුක්ත වූ අතර එය අහසේ අඩි 60,000ක් පමණ ඉහලින් පාවෙමින් තිබු බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කලේ.

මෙම බැලුනය චීනය විසින් ඔත්තු බැලීම සඳහා යොදා ගනු ලබන එකක් බවට අමෙරිකාව සැකපළ කරනු ලැබූ අතර චීනය සඳහන් කලේ කාලගුණ තොරතුරු ලබා ගැනීමට ඔවුන් එය යොදා ගන්නා බැලුනයක් බවයි.