Friday, April 19, 2024

General line - 0115112241

නවම් පුර පසළොස්වක පොහොය අදයි - නෙත් ශ්වේතපූජා වැඩසටහන් රැසක් දිනය පුරා




නවම්පුර පසලොස්වක පොහොය දිනය අදයි. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයක සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ මහනාම විද්‍යාලයේ ආචාර්ය, කොළොන්නාව පුරාණ විහාරවාසී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ.

ආමිස පූජාවෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් සිය දෛනික ජීවිතය වඩා අර්ථවත් කර ගැනීමට මෙවැනි උතුම් පොහොය දිනයකදී කටයුතු කිරීම වැදගත් වන බවද පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර නවම්පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද දිනය පුරා ක්‍රියාත්මකයි. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් ඒ යටතේ සිදු කෙරෙන අතර එම සියලු වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කෙරෙනවා. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශාසනාභිවන්දනා සවිරාමික භාවනා වැඩසටහනේ දෙවන දිනය අදයි. දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේදී එම වැඩසටහන පැවැත්වෙනවා.

අද දිනයට අදාළ වැඩසටහන් අලුයම පහේ සිට ආරම්භ වුණා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ.