Friday, March 29, 2024

General line - 0115112241

උසස් පෙළ සිසුන් ඇපයට තබාගෙන ගාස්තු ඉහළ දැමීමේ උත්සාහය ගැන ලංවීමට චෝදනා




මහජනතාව සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ප්‍රාණ ඇපයට තබාගනිමින් විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය උත්සාහ කරන බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව පවසනවා.

අමාත්‍ය මණ්ඩලය හරහා විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ගත් පියවර අසාර්ථකවීම හේතුවෙන් එලෙස ජනතාව මෙන්ම සිසුන් ඇපයට තබාගෙන ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කර ඇති මිල ගණන්වලද ගැටළු පවතින බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර පෙබරවාරි 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදෙන බවට මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළද ඊයේ දිනයේද විදුලි කප්පාදුව සිදු කෙරුණා.