Tuesday, April 23, 2024

General line - 0115112241

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන්ගේ තොරතුරු හෙළි කිරීම ගැන තීරණයක් දෙසතියකින්




පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊට අදාළ විස්තර ලබා නොදෙන්නේ නම් ඒ සඳහා අධිකරණයේ පිහිට පතන බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ අදාළ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිසමට ඉදිරිපත් කළ අභියාචනයද පසුගියදා විමසීමට ලක් වූ බවයි.

අදාළ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය සති දෙකකින් ප්‍රකාශ කරන ලෙසට එම කොමිසම විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිළධාරියාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ නිලධාරියා ලබා දෙන පිළිතුරට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේ.

ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තන් පාර්ලිමේන්තුව නියෝජනය කිීරීම රටේ පැවැත්මට යහපත් නොවන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආචිචි වැඩිදුරටත් පෙන්වා දුන්නා.