Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීරය සබඳතා තර කර ගනී




එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව මම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ එක්සත් අරාබි රාජ්‍යයේ තානාපති Jamal Hussain Mohammed Alshaaii සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී දෙපාර්ශවය අතර පවතින මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට ද රටවල් දෙකම එකඟතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එහිදී දෙරට අතර පවතින පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වයේ අපේක්ෂාවන් සමාලෝචනය කිරීම ද සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම සෞඛ්‍ය, තාක්ෂණය, ඩිජිටල්කරණය, ආර්ථික හා වෙළඳ යන අංශවලින් දෙපාර්ශවය අතර පවතින සහයෝගිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද එම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා පවත්වා තිබුණා.