Friday, March 29, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට




අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ දමා තිබෙනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දමන බවයි.

කිලෝග්‍රෑම් 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135 කින් සහ කිලොග්‍රෑම් 2 යි දශම 3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61 කින් වැඩිවන බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා එහිදී කියා සිටියා.