Monday, March 27, 2023

General line - 0115112241

පාර්ලිමේන්තුවට එන බව කියන, මැතිවරණයට මුදල් නොදීමේ යෝජනාව මුදල් රාජ්‍ය ඇමති ප්‍රතික්ෂේප කරයි

නිහාල්සිරි ගම්ලත්




සති අන්ත පුවත්පත් කිහිපයක වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.

මේ අතර පළාත් පාලන ඡන්ද නිමසීමට අදාළ කාර්්‍යයන් සඳහා මෙම මාසය තුළ රුපියල් මිලියන 770 ක මුදලක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිශන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අදාල මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙසයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත්තේ.