Wednesday, April 24, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකම් මාළාව අද දිනය පුරා

කමල් සුරවීර / එන්.කේ.නන්දසේන




නවම්පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකම් මාළාව අද දිනය පුරා ක්‍රියාත්මක වනවා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් අද පස්වරුවේද සිදු කෙරෙන අතර එම සියලු වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතයි. 

පූජ්‍යපාද ගම්මැදගම පියදස්සි ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් දහවල් ධර්ම දේශනාව පස්වරු 2 සිට 3 දක්වා ප්‍රචාරය කෙරෙනවා. “බෝසත් පාරමී” රේඩියෝ නාට්‍යය ප්‍රචාරය වන්නේ පස්වරු 3 සිට 4 දක්වායි.

සවස ධර්ම දේශනාව පූජ්‍යපාද තල්පත් කන්දේ සිරිනන්ද ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් පස්වරු 4 ට ආරම්භ වනවා. පූජ්‍යපාද මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ මෙහෙයවන ආශිර්වාද බෝධිපූජාව සවස 5 යි 30 සිට 6 යි 40 දක්වා ප්‍රචාරය කිරීමට නියමිතයි.

රාත්‍රි 7 සිට රාත්‍රී 8 දක්වා ප්‍රචාරය වන ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ පූජ්‍යපාද බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේයි. පූජ්‍යපාද ගනේකන්දේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ මෙහෙයවන ගිතෙල් පහන් පූජාව රාත්‍රී 8 සිට රාත්‍රී 9 දක්වා නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ප්‍රචාරය කෙරෙනවා.

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශාසනාභිවන්දනා සවිරාමික භාවනා වැඩසටහනේ දෙවන දිනය අදයි. දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේදී එම වැඩසටහන පැවැත්වෙනවා.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.

මේ අතර නවම්පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල සීල සමාදාන ඇතුලු පිංකම් සංවිධාන කර තිබෙනවා.

මහනුවර ශ්‍රී දළඳා මාලිඟා පරිශ්‍රයට ද සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.

කතරගම කිරිවෙහෙර ඇතුලු අවට සිද්ධස්ථානවලට ද විශාල වශයෙන් සැදැහැවතුන් පැමිණ සිටි බව නෙත් නිවුස් වාර්තාකරු එන්.කේ. නන්දසේන පැවසුවා.