Friday, April 19, 2024

General line - 0115112241

තුර්කියේ ප්‍රබල භූමිකම්පාවක් - පුද්ගලයින් 90 කට අධික පිරිසක් ජීවිතක්ෂයට




දකුණු දිග තුර්කියේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් මේ වන විට එරට පුද්ගලයින් 92 දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

තුර්කිය සහ සිරියාවේ දේශසීමාව ආසන්නයේ අද අලුයම සිදුවූ මෙම ප්‍රබල භූමිකම්පාවෙන් රටවල් දෙකෙහි ගොඩනැගිලි රැසක් විනාශයට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

භූමිකම්පාවෙන් තුර්කියේ පුද්ගලයින් 50 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර සිරියාවේ පුද්ගලයින් 42 දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම  සිරියාවේ තවත් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.

භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් එම ප්‍රදේශය කරා ලඟා වී ඇති අතර තුර්කිය මේ වන විට ජාත්‍යන්තර සහන කණ්ඩායම් වල සහයද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

වසර 100කට පසුව තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාව මෙය වේ. 1939 වර්ෂයේ දී තුර්කියේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් එරට පුද්ගලයින් 30,000ක් ජිවිතක්ෂයට පත්විය.