Thursday, April 25, 2024

General line - 0115112241

රිය අනතුරු ඉහළ යාම නිසා චීනය අර්බුදයක




චීනයේ Xuguang අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අනතුර සිදුව ඇත්තේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තුවාල ලැබූවන් අතර සිටින පිරිසෙන් කාන්තාවන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා පළ වෙමින් ඇති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ද දැඩි අවධානය යොමුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම අනතුරෙන් පසුව චීනයේ Hunan පළාතේ ගමනාගමන අධිකාරියේ නිලධාරීන් හදිසි හමුවක් ද කැඳවා තිබූ බවයි.

එහිදී දිගින් දිගටම සිදුවන රිය අනතුරුවලින් උගත පාඩම් හමුවේ පළාතේ මහාමාර්ගවල ධාවනය කෙරෙන රථවාහනවල ආරක්ෂාව ශක්තිමත් කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාලගුණ විද්‍යා ,හදිසි සහ ප්‍රවාහන දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම, කාලගුණ අනාවැකි සැපයිම ඉහළ නැංවීම මෙන්ම හදිසි සහාය සැපයීමේ අවශ්‍යතාවය පිළිබඳව හුනාන් පළාතේ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් ද දීර්ග ලෙස සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.