Saturday, April 20, 2024

General line - 0115112241

අභියාචනාධිකරණයට නව සභාපති විනිසුරුවරයෙක්




අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ පී ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේයි.

අභියාචනාධිකරණයේ නව සභාපති විනිසුරුවරයා ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ එම් ඒ ආර් මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දීමද අද පෙරවරුවේ සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.