Thursday, April 25, 2024

General line - 0115112241

ජල භීතිකා මරණ ඉදිරියේදී වැඩි වශයෙන් වාර්තා වීමේ අවධානමක්

ජූඩ් සමන්ත



ජල භීතිකා මරණ ඉදිරියේදී වැඩි වශයෙන් වාර්තා වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ සුනඛයින් සඳහා ජලභීතිකා එන්නත් ලබා දීමේ වැඩසටහන පසුගිය මාස ගණනාවක් පුරා අඩපණ වීම හේතුවෙන් එම අවධානම් තත්ත්වය මතුව ඇති බවයි. 

මෙම අවධානම් තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජලභීතිකා එන්නත් මෙරටට ගෙන්වා අඛණ්ඩව බිම් මට්ටමට සැපයිය යුතු බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පෙන්වා දුන්නා.