Tuesday, March 19, 2024

General line - 0115112241

ගෑස් වැඩි කළත් ආහාර මිල වැඩි නොකිරීමට ආපන ශාලා හිමියන්ගෙන් තීරණයක්




ගෑස් මිල වැඩි කෙරුණද ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහළ නොදැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

පසුගිය කාල සීමාවේදී පාන්පිටි සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල ගණන් අඩුවීම හේතුවෙන් මෙම අවස්ථාවේදී නැවත වරක් ආපනශාලාවල ආහාර මිල වැඩි නොකරන බවයි එම සංගමය සඳහන් කළේ.

කිසියම් ආපන ශාලාවක ආහාර මිල වැඩි කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත දැනුම් දෙන ලෙසද ආපන ශාලා හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියා.