Friday, April 19, 2024

General line - 0115112241

ඇසළ පෙරහැර සමයට පෙර සහනයක් - ජනපති නවම් පෙරහැරට එක් වෙමින් කියයි




ඇසළ පෙරහැර සමය වන විට ජනතාවට ආර්ථිකමය වශයෙන් සහනයක් ලබා දීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණු කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45වන වාර්ෂික නවම් මහා පෙරහැරේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේබව කියා සිටියා. 

පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහිදී සිදු කිරීම විශේෂත්වයක්.