Friday, April 19, 2024

General line - 0115112241

රිය අනතුරෙන් මියගිය විද්‍යාඥයාගේ මරණයට හේතුව අනාවරණය වෙයි




ගෝණපල , කුඹුක ප්‍රදේශයේ ඉකුත් දා සිදු වූ රිය අනතුරකින් මියගිය නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වන විමුක්ති ප්‍රසාද් ජයවීරගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් ඔහුගේ මරණයට හේතු වූ කරුණු අනාවරණ කර තිබෙනවා.

අනතුරට ලක් වූ රථයේ රියදුරු අසුනේ ආරක්ෂිත බැලූනයේ තිබූ යකඩ කැබැල්ලක් උගුරේ වැදීමෙන් එම මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ කර ඇත්තේ. හොරණ රෝහලේ අධිකරණ වෛද්‍ය ප්‍රනීත් විජේසුන්දර විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබුණා. 

කෙසේ වෙතත් ආරක්ෂිත බැලූනයක් ක්‍රියාත්මක වී එහි තිබූ කොටසක් අදාළ රථයේ ගමන් ගත් පුදගලයෙකුගේ සිරුරේ වැදී මරණයක් සිදුවීම විරල අවස්ථාවක් බවයි බොහෝ පාර්ශව මත පළ කරන්නේ.