Monday, March 27, 2023

General line - 0115112241

බැන්කි මූන් දිවයිනට

ටී කේ ජී කපිල




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන්කි මූන් කෙටි සංචාරයක් සදහා අද දිවයිනට පැමිණියා. හිටපු මහ ලේකම්වරයා සමඟ ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙරටට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අද අලුයම 02 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.