Saturday, April 20, 2024

General line - 0115112241

තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 3600 ඉක්මවයි




ගිණිකොණ දිග තුර්කියේ සිරියානු දේශසීමාවට ආසන්න ප්‍රදේශය තුළ ඊයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය හමුවේ මියගිය පිරිස 3600 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන් මරණ 2316 ක් තුර්කියෙන් වාර්තා වන අතර තවත් මරණ 1293 ක් සිරියාවෙන් වාර්තා වනවා. තුර්කියෙන් වාර්තා වන තුවාලකරුවන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මේ අතර භූ කම්පනය හේතුවෙන් කඩා වැටුනු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තවත් බොහෝ පිරිසක් එම සුන්බුන් අතර සිරවී සිටින බවටයි බලධාරීන් සැක පළ කරන්නේ. 

මේ අතර තුර්කියේ ස්තාන්බූල් ගුවන් තොටුපළ වෙත විශාල පිරිසක් රැස්ව සිටින බව ද විදෙස් මාධ්‍ය පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ තුර්කියේ භූ කම්පනයෙන් විනාශ වී ඇති ප්‍රදේශවල සිදුකරන සහන සේවා කටයුතුවලට එක්වීම සඳහා ගුවන් මගින් එම ප්‍රදේශ වෙත යාමට අපේක්ෂා කරන පිරිසක් එලෙස ගුවන් තොටුපළට රැස්ව සිටින බවයි.