Monday, March 27, 2023

General line - 0115112241

චීනයේ මිනිස් ජාවාරම ගැන නේපාල ජාතිකයින්ගෙන් චෝදනා




චීන ජාතිකයින් දෙදෙනෙකු විසින් සිදුකරන මිනිස් ජාවාරමකට හසුව ඔවුන්ගෙන් මිදී පැමිණි නේපාල කාන්තාවන් දෙදෙනෙක් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් පවතින බවට චෝදනා කරනවා.

එම කාන්තාවන් පවසන්නේ අදාළ චීන ජාතික ජාවාරම්කරුවන් තමන්ව සොයන බැවින් තමන්ට ජීවිත තර්ජනයක් පවතින බවයි.

වෙනත් නේපාල ජාතිකයෙකු විසින් සහය ලබාදීම හමුවේ අදාළ කාන්තාවන් දෙදෙනා ජාවාරම්කරුවන්ගෙන් මිදී යළි සිය රටට පැමිණ තිබුණේ ඉකුත් නොවැම්බර් මාසයේදීයි. 

චීන ජාවාරම්කරුවන්ගෙන් පළා ආ කාන්තාවන් පවසන්නේ අදාළ ජාවාරම්කරුවන් වෙනත් පුද්ගලයින් යොදවා තමන්ව සොයමින් සිටින බවයි. 

අදාළ ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කළ පැමිිණිලි හමුවේ පොලීසියේ මැදිහත්වීම මත ඔවුන්ගේ ජාවාරම් සඳහා බාධා එල්ල වු බැවින් ඊට පළිගැනීම සඳහා ඔවුන් තමන්ව සොයන බවටයි අදාළ කාන්තාවන් පවසන්නේ.
 
දේශසීමා හරහා මිනිස් ජාවාරම සිදුකිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයින්ට නිරන්තරයෙන් චෝදනා එල්ල වනවා.

ඔවුන් නේපාලයේ සහ ලාඕස ජාතිකයින් එලෙස ජාවාරම් සඳහා යොදා ගන්නා බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.