Thursday, March 28, 2024

General line - 0115112241

විදුලි නිෂ්පාදනයට බලපෑමක් එල්ලවිය හැකි කරුණක් ගැන ගල් අගුරු සමාගම පෙන්වා දෙයි




ගල් අගුරු නෞකාව හයකට සියයට 30 ක අත්තිකාරම් මුදල් ගෙවූවද ඉදිරියේදි ගෙන්වීමට ඇති නෞකාවලට අත්තිකාරම් මුදල් නොගෙවුවහොත් විදුලිය නිෂ්පාදනයට බලපෑම් එල්ල විය හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසනවා.

එහි සභාපති ෂෙහාන් සුමනසේකර පැවසුවේ ඉදිරියේදී තවත් ගල් අගුරු නෞකා 16 ක් ගෙන්විය යුතු බවයි.

ඉදිරි දිනවල පැමිණීමට නියමිත නෞකා තුනද දිවයිනට පැමිණීමෙන් අනතුරුව ලබන මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු තොග රට තුළ පවතින බවද ඔහු කියා සිටියා. 

ඒ අනුව විදුලිය නිෂ්පාදනය කිරීමට විදුලි බලාගාර සඳහා අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීම සදහා මුදල් ලබා දෙන ලෙස ගල් අගුරු සමාගමේ සභාපතිවරයා විසින් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

ඒ සදහා අමෙරිකානු ඩොලර් බිලියන 12යි දශම 3යි 2ක් හෙවත් රුපියල් බිලියන 4යි දශම 5යි 6ක් අවශ්‍ය බවයි ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් එන් සුමනසේකර ලිපියක් මගින් ඉල්ලා තිබුණේ.