හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බදු අඩු කරනු ලැබුවේ ඔහුට ලබාදුන් වැරදි උපදෙස් හේතුවෙන් බව කැබනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර මෙවර අයවැය යෝජනාවක් වූ පෞද්ගලික අංශයේ සේවකයින්ට අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර ක්‍රමානුකූල සමාලෝචනයක් මගින් රාජ්‍ය වියදම් හේතු සහිතව පැහැදිළි කර ගැනීම අරමුණු කර ගනිමින් ශූන්‍ය පාදක අයවැය ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.