Saturday, April 20, 2024

General line - 0115112241

සහන සේවා සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශයේ පිරිසක් තුර්කියට යැවීමට රජය සූදානම්




තුර්කියේ ගිණිකොන දිග ප්‍රදේශයට බලපෑ මැග්නිටියුඩ් ඒකක 7 යි දශම 8 ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් පුද්ගලයින් මුදා ගැනීම ක්‍රියාත්මක කර ඇති සහන සේවා කටයුතු සඳහා ශ්‍රි ලංකාවෙන් ද පිරිසක් එරට බලා පිටත් කර හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෝ ආරක්ෂක අංශයේ 300 ක පමණ පිරිසක් තුර්කිය වෙත පිටත්කර හැරීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සිටි බවත් ඉන් 13 දෙනෙකු ආරක්ෂිතව සිටින බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක සඳහන් කළේ. 

මේ අතර අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද තුර්කියේ ආපදාකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.