Friday, March 29, 2024

General line - 0115112241

තුර්කියේ සුන්බුන් අතරේ සිරවූ පාපන්දු ක්‍රීඩකයා බේරා ගැනේ




තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් අතුරුදන්ව සිටි ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් අද සමත්වී තිබෙනවා.

ඊයේ අලුයම තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් ක්‍රිස්ටියන් අට්සු නම් මෙම ඝානා ජාතික පාපන්දු ක්‍රීඩකයා රැඳී සිටි ගොඩනැගිල්ල කඩා වැටී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඒ අනුව සහන සේවකයින් ඔහු රැඳී සිටි ගොඩනැගිල්ල අසල අඛණ්ඩව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ දිවිබෙරා ගැනීමට හැකිවූ බවයි තුර්කි පාපාන්දු ලීගයේ ඔහු නියෝජනය කරනු ලබන Hatayspor කණ්ඩායමේ කළමනාකාරු සඳහන් කළේ.

ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි ක්‍රිස්ටියන් අට්සු තුවාල ලබා ඇති  බවත් ඔහුගේ දිවි බේරීම ගැන සතුටුවන බවයි Hatayspor කණ්ඩායමේ කළමනාකාරු වැඩිදුරටත් සඳහන් කලේ.

 තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් මේ වන විට එරට මෙන්ම අසල්වැසි සිරියාවේ පුද්ගලයින් 5,000කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.