Friday, April 26, 2024

General line - 0115112241

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ගැන සභාපතිට ප්‍රශ්නයක්




මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයින් තීරණ ගනු ලබන්නේ කුමන පදනමකින් දැයි තමන්ට ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බව එහි සභාපති ජනක රත්නායක පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ යුතුකම වනුයේ අඛණ්ඩව විදුලිබලය ලබාදීම වුවත්, අනෙකුත් සාමාජිකයින් ඊට එරෙහිව තීරණ ගන්නා තත්ත්වයක් දක්නට ඇති බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට කොමිසමේ අනෙකුත් සාමාජිකයින් තමන්ගෙන් ඉල්ලා සිටින බවයි. 

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවක් ලබාදීමට රජය අපොහොසත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ප්‍රකාශ කෙරුණා.