Friday, April 19, 2024

General line - 0115112241

නිදහස් උත්සවයට රජය වැය කළ මුදල ගැන අනාවරණයක්




75 වන නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා වියදම් වූයේ එක්කෝටි එකලොස් ලක්ෂ 30,011 යි ශත 29 ක මුදලක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙම නිල උත්සවය සඳහා දරා ඇති වියදම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින්නේ සාවද්‍ය පුවත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බලකල පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පෙන්නුම් කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.