Saturday, May 11, 2024

General line - 0115112241

ආර්ථිකය ගොඩ ගන්න සැලැස්ම කෝ? ජනපතිගේ කතාව ගැන ආර්ථික විශ්ලේෂකයින් කතා කරයි




ආර්ථිකය ගොඩ නැගීම සඳහා ගන්නා තීන්දු තීරණ වල බලපෑම සියලු පාර්ශවයන්ට එකසේ බලපෑ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ, ජනාධිපතිවරයා ඊයේ කළ කතාව සහ බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. මේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ. 

ඉහළ ආදායම් උපයන පිරිස් බද්දෙන් නිදහස් වී ඇත්තේ කෙසේද?

පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සම්බන්ධයෙන් වෙනත් විකල්ප කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බවයි. 

රට නිවැරදි දිශාවට මෙහෙය විය යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවමත් පවතින්නේ ගැටලුවක් බව එහිදී ප්‍රකාශ කෙරුණා.

උපයන විට බදු අයකිරීමේදී සේවා යෝජකයින් විසින් සපයන ලද මූල්‍ය නොවන සේවාවන් සඳහා බදු අය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කරමින් ඊයේ නව චක්‍රෙල්ඛයක් නිකුත් කෙරුණා.