Saturday, May 11, 2024

General line - 0115112241

ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොමැති බව අධිකරණයෙන් දැනුම්දීමක්




රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විවෘත අධිකරණයේ සඳහන් කර තිබෙනවා.

ඒ, ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

මේ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.