Sunday, May 12, 2024

General line - 0115112241

පුංචි ඡන්දය ගැන තීරණාත්මක නඩු තුනක් අද විභාගයට




පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩු තුනක් අද දිනයේ විභාගය ගැනීමට නියමිතව තිබෙනවා.

ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම ප්‍රකාශයට පත් කරන ලෙසට අදාළ නඩු දෙකක් සහ මැතිවරණය පැවැත්විම කල් දමන ලෙස ගොනුකර ඇති නඩුවක් එලෙස අද දිනයේ විභාගයට ගැනෙන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

අධිකරණය ලබාදෙන තීන්දුව අනුව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. මේ, එහි සභාපති නිමල් පුංචිහේවා.

මැතිවරණය පැවැත්විමට අදාළ මුදල, මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන්නේදැයි නෙත් නිවුස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් මෙහිදී වීමසීමක් ද කළා.

මෙවන් පසුබිමක 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට ද මැතිවරණ කොමිසම ඊයේ පියවර ගත්තා.