Saturday, May 11, 2024

General line - 0115112241

ඖෂධ හිඟයේ බරපතලකම ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අනාවරණයක්




රට තුළ මේ වන විට ඖෂධ සහ වෛද්‍ය උපකරණ සම්බනධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පැවසුවේ එක් එක් රෝහල්වල ඖෂධ හිඟය විවිධාකාර ලෙස පවතින බවයි.

ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ හා රසායනාගාර ද්‍රව්‍යවලද පවතින්නේ දැඩි හිඟයක්. ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය මේ වන විට හදිසි තත්ත්වයක් සේ සැලකිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියානු මුල්‍ය පහසුකම යටතේ ගෙනඑන ඖෂධ සම්බන්ධයෙන් ද ගැටළුවක් පවතින බවයි.

පවතින වෛද්‍ය උපකරණ හිඟයේ බරපතලකම සම්බන්ධයෙන් ජාතක බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙවන් අනාවරණයක් සිදුකළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ මතුව ඇති අර්බුදයට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතල විය හැකි බවයි. එම තත්ත්වය වැඩි ඈතක නොවන බවත්, තවත් සති කිහිපයකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි අර්බුදයකට යනු ඇති බවත් නිර්වින්දන හා දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද අනාවරණ කර තිබෙනවා.