Saturday, May 11, 2024

General line - 0115112241

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 56 වන උපන් දිනය අදයි




2021 වර්ෂය ගත් කළ අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුන් ගණන 507 ක් වන අතර  A 9 සාමාර්ථ ලබා ගත් සිසුන් ගණන 127 වේ. 2021 වසරේදී අපොස උසස් පෙළ විභාගය සමත් සිසුන් ගණන 380ක් වේ. එම වසරේ සිසුන් විභාග සමත්වීමේ ප්‍රතිශතය 65% ක්. 

විදුහල්පති ගුරුපියාණන් වශයෙන් බලපොරොත්තු වන්නේ විභාගය සමත් වන සිසුන් ප්‍රමාණය සාමාන්‍ය පෙළ විභාගයේදී 03්% ක ප්‍රතිශතයකින් හා උසස් පෙළ විභාගය 15්% ක ප්‍රතිශතයකින් වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමටයි. අධ්‍යාපනය දියුණුවට අමතරව භෞතික සම්පත් දියුණුවට හා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සමග සම්බන්ධ වී ක්‍රියාකිරීමට බලාපොරොතු වන අතර මේවනවිට ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලට ලබාදී ඇති දේ බොහෝමයකි.

ඒ අතර ගෘහස්ථ ක්‍රීඩාගාරය (Badminton, Squash, Gym),  පිහිණුම් තටාකය, ආර් අයි ටී අලස් ශාලාව නවීකරණය කිරීම, පාසලේ සියලු පන්ති සුහුරු පන්ති කාමර බවට පත් කිරීම හා පරිඝණක විiාගාර ලබාදීම ප්‍රධාන කොට ගනී. 

භෞතික සම්පත් දියුණුව සඳහා විදුහලේ පාසල් සංවර්ධන සමිතිය මගින් ලබාදෙන සහයෝගය අතිමහත්ය. පාසලට අවශ්‍ය බස්රථ ලබාදීමේ සිට සියලු කටයුතු සංවර්ධන සමිතිය මගින් සිදුකරනු ලබයි. 

ක්‍රිකට් ක්‍රීඩාව ගත් කළ ඩී එස් මාතාව ක්‍රීඩකයින් රැසක් රටට දායාද කොට ඇති අතර ප්‍රථම ලෝක “කුසලාන” කණ්ඩායමට ක්‍රීඩා කළ අවින්ද ද සිල්වා හා හෂාන් තිලකරත්න, පසු කලක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ පුලස්ති ගුණරත්න, පුබුදු දසනායක, නවීඩ් නවාස්, කෝසල කුරුප්පු ආරච්චි, බිනුර ප්‍රනාන්දු, ඉසුරු උදාන ඒ අතරින් ප්‍රධාන කොට ගනී

අනෙකුත් ක්‍රීඩාවන් ගත් කළ අප පාසල ලබා ඇති ජයග්‍රහණයන් බොහෝමය. ස්කොෂ් ක්‍රීඩාව ගත් කළ ජාතික ශූර රවිඳු ලක්සිරි ශුරතාවය වසර 10 ක් රැකගෙන වාර්තාවක් තබා ඇති අතර ආසියානු කණිෂ්ඨ ශූරයින් අතර 14 වන ස්ථානය පාසලේ වත්මන් ශිෂ්‍ය තෙවිඳු ලක්මන් විසින් ලබාගෙන ඇත.

පාසලේ ඇති ක්‍රීඩා 29 (විවිධ ක්‍රීඩා වර්ග 29 ක මේවනවිට විදුහලේ දරුවන් නිරතව සිටියි) දියුණු කරමින් ඒ හා සම්බන්ධ ජයග්‍රහණ ලබාගැනීමත් සිසුන් හා සම්බන්ධ කටයුතු සිදුකරන සමිති සමාගම් 75 සමග සමගාමීව කටයුතු කිරීමත්, ඒ සියල්ලම පෙරදැරිව අධ්‍යාපන ජයග්‍රහණ දිරිමත් කිරීම යන සංකල්ප පෙරටු කරගෙන ඩී එස් මාතාව ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය නායකත්වය ලබාදීම නව විදුහල්පතිවරයා වශයෙන් මා බලාපොරොත්තු වෙමි.

සම්පත් වේරගොඩ
විදුහල්පති 
DS සේනානායක විද්‍යාලය
කොළඹ 07