Monday, May 13, 2024

General line - 0115112241

අලුත් බද්දට එරෙහිව වෘත්තිකයින් යළි සටනට




ඉහළ නැංවූ උපයන විට බදුවලට එරෙහිව තව දුරටත් සිය සටන දියත් කර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ වෘත්තිකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් ලබා දුන් ප්‍රතිචාරය සාධනීය නොමැති බවයි. 

ලබන සතියේදී වෘත්තිකයින් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉංජිනේරු ඉසුරු කස්තුරිරත්න සඳහන් කළේ බදු වැඩි කිරීම හේතුවෙන් අන් කවරදාකටත් වඩා බුද්ධිමතුන් රට හැර යන තත්ත්වයක් මතුව ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද ඊයේ අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා.