Monday, May 13, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලඟදීම රටට හිමිවනු ඇති - අගමැති කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලඟදීම රටට හිමිවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශ්වාසය පළ කරනවා. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේවනවිට ක්‍රමයෙන් නිර්මාණය වෙමින් ඇති බවයි. 

සංචාරකයින්ගේ පැමිණිමද ක්‍රමයෙන් යහපත් අතට පත් වෙමින් ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ ශ්‍රී ලංකාවට දැනුම් දුන්නේ ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බවයි.

ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වන අතර දේශීය ප්‍රතිසංස්කරණ ද ඉදිරියට ගෙන යායුතු බවත් ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා තිබෙනවා.