Tuesday, May 7, 2024

General line - 0115112241

සවුදි කාන්තාවක් පළමුවරට අභ්‍යවකාශය ජය ගැනීමට සැරසෙයි




සෞදි අරාබිය එරට ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් අභ්‍යවකාශ මෙහෙයුමකට එක් කිරීමට සූදානම් වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ සෞදිය සිය සාම්ප්‍රදායික නීතිරීති පද්ධතිය වෙනස් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල නවතම අදියර ලෙස කාන්තාවන්ට අභ්‍යවකාශයට යාමට අවසර ලබාදී ඇති බවයි.

ඒ අනුව සෞදි ගගණගාමියෙක් වන රයානා බර්නාවි මෙම වසරේ මැද භාගයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් සඳහා එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඇය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව යාමට නියමිතව ඇත්තේ සෞදි ගගණගාමියෙකු වන අලී අල්කානි සමග බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔවුන් අමෙරිකාවේ සිට ක්‍රියාත්මක වන “ඒ එක්ස් ටූ” නමැති අභ්‍යවකාශ මෙහෙයුම සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.

මීට පෙර සිය පුරවැසියෙකු පළමුවරට අභ්‍යවකාශ මෙහෙයුමකට සහභාගී කළ පළමු අරාබි රට වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. 2019 වසරේදී එරට ගගණගාමියෙකු අභ්‍යවකාශ මෙහෙයුමකට එක්ව තිබෙනවා.