Saturday, May 11, 2024

General line - 0115112241

ඔත්තු බලන චීන බැලූන ගැන ජපානයෙනුත් චෝදනාවක්




මෑත කාලීනව ජපාන ගුවන් කලාපය තුළ පියාසර කළ හඳුනා නොගත් වස්තූන් චීනය විසින් ඔත්තු බැලීමට යොදා ගන්නා බැලූන විය හැකි බව ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

බැලූනයකට සමාන හැඩයක් සහිත හඳුනා නොගත් පියාසර වස්තූන් ජපානයේ ගුවන් කලාපය හරහා ගමන් කරන බව 2019, 2020 සහ 2021 වසරවලදී හඳුනාගෙන තිබුණා. ඒත් ඒ මොනවාදැයි ජපානය ස්ථිර වශයෙන් තහවුරු කරගෙන තිබුණේ නැහැ.

කෙසේවෙතත් එම පියාසර වස්තු චීනය විසින් ඔත්තු බැලීමට යොදා ගන්නා උපකරණ බව නිගමනය කරන බවයි ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස චීන රජයට බල කර සිටින බවත්, අනාගතයේදී එවැනි දේ සිදුනොවිය යුතු බවත් ජපානය අවධාරණය කර තිබෙනවා.

ගුවන් සීමාව උල්ලංඝනය කිරීම කිසිසේත් පිළිගත නොහැකි ක්‍රියාවක් බව ද ජපානය පවසනවා. ජපානය මෙලෙස චීන බැලූන සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කළේ ඔත්තු බලන බවට සැකකෙරෙන චීනයට අයත් බැලූනයක් අමෙරිකාව සිය ගුවන් සීමාවේදී වෙඩි තබා බිම හෙළීමෙන් අනතුරුවයි.