Sunday, May 12, 2024

General line - 0115112241

තවත් දැවැන්ත ස්වභාවික විපතක් ගැන අනතුරු ඇඟවීමක්




සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස වැඩිවීමේ අවධානමක් මතුව ඇතැයි නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඒ, ඇන්ටාක්ටිකාවේ ඇති විශාලතම ග්ලැසියරයක් දියවී යාමේ අවධානමක් හේතුවෙන්.

මීට හේතුවී ඇත්තේ මුහුදේ උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යාමයි. බටහිර ඇන්ටාක්ටිකාවේ පිහිටි “ත්වයිට්ස්” නම් ග්ලැසියරය මෙම අවධානමට ලක්ව තිබෙනවා. මෙම ග්ලැසියරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් එක් ලක්ෂ 92,000 ක් වන අතර එය මහා බි්‍රතාන්‍යයේ විශාලත්වයට ද ආසන්න අගයක්.

ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා බි්‍රතාන්‍ය සහ අමෙරිකාව එක්ව නව තාක්ෂණයෙන් යුත් රොබෝ යන්ත්‍රයක් ඉකුත් සමයේ මෙම ග්ලැසියරය යටින් තබා තිබුණා. ඉන් ලද නවතම දත්ත පදනම් කරගෙනයි විද්‍යාඥයින් මෙම අනාවරණය සිදුකර ඇත්තේ.

විද්‍යාඥයින් පවසන්නේ පවතින අවධානම් තත්ත්වය හමුවේ ග්ලැසියරය සම්පූර්ණයෙන්ම දියවුවුහොත් ගෝලීය මුහුදු මට්ටම තවත් මීටර් භාගයකින් වැඩිවන බවයි. ග්ලැසියරයේ දියවීමක් මේ වන විට පෙන්නුම් කරමින් ඇති බවද නවතම විදෙස් වාර්තාවල සඳහන්. මෙම ග්ලැසියරයේ දියවීම සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය සිදුකරන ඒකාබද්ධ සමීක්ෂණය ලොව ඕනෑම තැනක මෙතෙක් සිදුකර ඇති විශාලතම සමීක්ෂණවලින් එකක් බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.