Sunday, May 12, 2024

General line - 0115112241

මේ වසරේත් ලෝක ආහාර මිල ඉහළ යාම ගැන අනාවරණයක්




මේ වසරේදීද පාරිභෝගික ආහාර මිල ගණන් සැලකිය යුතු අගයකින් වැඩිවනු ඇතැයි ලොව ප්‍රධාන පෙළේ ආහාර සමාගම් අනතුරු අගවනවා. කෙසේවෙතත් එලෙස මිල වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇති ආහාර ද්‍රව්‍යවලින් බහුතරයක් අත්‍යාවශ්‍ය ආහාර කාණ්ඩයට ඇතුළත්ව නැහැ.

මිල වැඩි වෙතැයි අපේක්ෂිත ආහාර වන්නේ කෝපි, චොකලට්, චීස්, අයිස්ක්‍රීම් ඇතුළු ආහාර ද්‍රව්‍යයි. මීට අමතරව ශීත කළ ආහාර, රසකැවිලි, ආහාර රසකාරක හා ළදරු කිරිපිටි ඇතුළු ළදරු උපකරණ වර්ග 2,000ක මිල ගණන් වලටද බලපෑමක් එල්ල වනු ඇති බවටයි පැවසෙන්නේ. එමෙන්ම කිරි නිශ්පාදන සහ ධාන්‍ය මිලද වැඩි වීමේ අවදානමක් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඉකුත් වසරේදීද ලොව ප්‍රමුඛ සන්නාමයන් සහිත කෝපි සහ චොකලට් මිල සියයට 8යි දශම 2කින් ඉහළ නංවා තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන පෙළේ ආහාර නිශ්පාදන සමාගම් පෙන්වා දෙන්නේ ආහාර මිල වැඩි වීමත් සමඟ පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීම අඩුවීමේද අවදානමක් පවතින බවයි.