Monday, May 13, 2024

General line - 0115112241

චීනය, රුසියාවට අවි සැපයීමේ සූදානමක් ගැන අමෙරිකාවෙන් චෝදනා




යුක්රේන යුද්ධය සඳහා රුසියාවට ආයුධ සහ පතොරම් ලබාදීමට චීනය සලකා බලමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා.

ඇතැම් චීන සමාගම් දැනටමත් රුසියාවට ”‍මාරාන්තික නොවන සැපයුම්”‍ සිදුකරනු ලබන බවත්, ඉදිරියේදී චීනය විසින් ආයුධ සැපයීමට කටයුතු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බවත් අමෙරිකානු විදේශ ලේකම්වරයා CBS  ප්‍රවෘත්ති සේවයට පවසා තිබෙනවා.
 
මෙම සිදුවීම සමග චීනයට ”‍බරපතල ප්‍රතිවිපාක”‍ අත්විදීමට වනු ඇති බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අනතුරු අඟවා සිටියේ.

කෙසේ වෙතත් රුසියාව විසින් ආයුද ඉල්ලු‍ම් කර ඇති බවට වන තොරතුරු චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. චීන ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා දිගු කාලින මිතුරන් වන අතර කෙසේ වෙතත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මෙතෙක් චීනය විසින් හෙලා දැක නැහැ.
 

එහෙත් එම ආක්‍රමණය සම්බන්ධයෙන් චීනය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන අතර හැකි ඉක්මණින් සාමාදානයට යන්නයි චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාගෙන් මීට පෙර ඉල්ලා තිබුණා.