Sunday, May 12, 2024

General line - 0115112241

බ්‍රසීලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 36 දෙනෙකු මරුට




බ්‍රසීලයේ සාඕ පාවුලෝ ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින අතර මරණ සංකයාව තවත් ඉහළ යාහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රථවාහන විශාල ප්‍රමාණයක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර නිවාස රැසකට ද දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වෙනවා.