Saturday, May 11, 2024

General line - 0115112241

තුර්කියට තවත් ප්‍රභල භූ කම්පනයක්




තුර්කියයේ දකුණු දිග ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ තවත් ප්‍රභල භූ කම්පනයක බලපෑම් එල්ල වී තිබෙනවා. එරට වේලාවෙන් රාත්‍රී 08 යි 04 ට පමණ බලපෑ එම භූ කම්පනයේ ප්‍රභලත්වය වාර්තා වන්නේ මැග්නිටියුඩ් ඒකක 6.4 ක් ලෙසයි.

සිරියානු දේශසීමාවට ආසන්නයේ පිහිටි තුර්කියේ හටායි ප්‍රදේශයට භූ කම්පනයෙන් දැඩි  බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

භූ කම්පනය හේතුවෙන් මේවනවිට පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 680 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

පුද්ගලයින් 46,000 කට මරු කැඳවමින් මීට සති දෙකකට පෙර වාර්තා වූ භූ කම්පනය සිදුවූයේ ද ඊයේ දිනයේ භූ කම්පනය හට ගත් ප්‍රද්ශය ආශ්‍රිතවයි. එම භූ කම්පනයෙන් අනතුරුව අදාළ ප්‍රදේශය ආශ්‍රිතව පසු කම්පන 32 ක් පමණ සිදුව තිබෙනවා. ඉන් ප්‍රභලතම පසු කම්පනයේ අගය වාර්තා වන්නේ මැග්නිටියුඩ් ඒකක 5.8 ක් ලෙසයි.