Monday, May 20, 2024

General line - 0115112241

මහමගදී සුනඛයින් යටකර පළාගිය කාන්තාවට ඇප




සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහකට ලක්වූ සුනඛයින් දෙදෙනෙකු මෝටර් රථයකින් යටකර පලායාමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් මතුරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුලව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සැකකාර කාන්තාව අධිකරණය හමුවේ තමන් කළ වරද පිළිගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ජූනි මස 01 වනදා යළි කැඳවීමට නියමිතයි. එලෙස ඇප මත මුදා හැර ඇත්තේ 28 හැවිරිදි කාන්තාවක්. පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ මාර්ගයේ කඳුරකඩේ ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

සැකකාර කාන්තාව අදාළ මෝටර් රථයේ හිමිකරුගේ සහෝදරයාගේ බිරිඳ බව ද අනාවරණ වී තිබෙනවා.

සුනඛයින් දෙදෙනෙකු යටකර නොනවත්වා එම මෝටර් රථය ධාවනය කරන දර්ශන ඉකුත් කාලසීමාවේදී දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස සත්ත්ව සංවිධාන කිහිපයක් මහජනතාවගෙන් ද සහය ඉල්ලා තිබුණා.