Monday, May 20, 2024

General line - 0115112241

කිඹුලාවල වීදි ආහාර කඩපෙළ ඉවත් කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි 




කිඹුලාවල විදි ආහාර කඩ පෙළ මෙම මස 24 වෙනිදාට පෙර ඉවත් කර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නියෝග කිරීම සම්බන්ධයෙන් අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණා.

සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි විදි ආහාර කඩ පෙළ ඉවත් කිරීමට මහ මාර්ග අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නියෝගය යලි සලකා බලන ලෙස ඉල්ලා සිටියා. 

එහිදී ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මාර්ග අනතුරු සිදුවීම ඇතුළු මගීන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ දී ගනු ලැබූ තීරණයක් අනුව දිවයිනේ ස්ථාන 3000ක් පමණ හඳුනාගෙන ඇති බවත් කිඹුලාවල ප්‍රදේශයේ ද ඊට ඇතුලත් වන බවයි ඔහු ප්‍රකාශ කලේ.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ අද සවස 3.30ට මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් විශේෂ සාකච්ජාවක් කැඳවා ඇති බවයි.

මෙහිදී පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් විමල් විරවංශ, ජේ.සි.අලවතුවල ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පිඩාවට පත්ව සිටින ජනතාවට ආණ්ඩුව ගනු ලබන මෙවැනි තීරණ හේතුවෙන් තවත් අසීරු තාවයට පත්වන බවයි.